මං එයාට වැඩිය ඔයාට ආදරෙයි කියලා
සමහර වෙලාවට ඒක ඇත්ත තමා
දැං නං එයා එහෙම කියන්නේත් නැ
එයා ගැන වත් ඔයා ගැනවත්
එහෙමට වද වෙන්නේ නැති හන්දා
එයා එක්ක නං මේ ගැන කතා කලා
ඔයා එක්ක බැරි උනානේ
එයා නං කමක් නැ කියුවා
ආයේ මං එනකං බලාගන
පැටවු දෙන්නා එක්ක ඉන්නං කියුවා
එයත් නැතුව ඔයත් නැතුව ඉන්න එක
මට තමා අප්පා අමාරු
ඒත් ඉතින් එයා තරහ උනත්
ඔයා මා එක්ක තරහ වෙන්නේ
නෑ කියල මං දන්නවා
ඔයාට දෙන්න තෑගී කෙටුම්පත්
මල්ල පුරවලා තියනවා
කවදා හරි දවසක් එයි
ඔයයි මමයි එයයි
එකට පවුල් කන
කොහෙද ඉතින්
මේ දෙයියන්ගේ මල්ලි
එක්ක බෑනේ
අපේ තුන්කොන් ආදරේට
හරස් කපන්නේ
සල්ලි
පලි/// වරදක් කලත් සිතකින් නොවෙයි
ගුවන් විදුලි මැදිරියක හරි රූපවාහිනි මැදිරියක හරි කියාපු සින්දුවක් අහනකොට බලනකොට තියෙන්නේ වෙනම ආතල් එකක් .... කැසට් කෑල්ලක් , සී ඩී එකක් ... පෙන් එකකට බාගන අහන කොට තව එකක් ............. ඕපන් ෂෝ එකක් ඉදගන සින්දු කියන කොට නං හෙන ගොං ආතල් බංලා .... බලහං අර ලීඩ් ගහන කොල්ලා දණ නමලා බොක්කෙං ගහන එකටත් ණයයි.