2015-09-11

සුද්දා වගේ එලියට ඇදල



‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘

‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘

‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං මේ අහම්බෙං ඇරල තියනව දැකල ගොඩ උනේ ‘‘
‘‘ තොපි ඉතිං අහම්බෙං ගොඩ උනොත් තමා , අමාලි ගෙදර ගියා වෙනදටනං මීටත් පරක්කු වෙනකං ඉන්නව ‘‘

‘‘ එහෙනං වැඩේ නැගල යනව ‘‘

‘‘ එහෙමට අවුලක් නැ ඉස්සර වගේම තමා , නග්ගල ගත්තහම අන්තිමට හොදට යනව ‘‘
‘‘ ඔය ඉතිං කියුවේ .....එහෙම මගුලක් නෙමෙයි යකෝ බිසිනොස් කොහොමද ‘‘
‘‘ අමාලිටනං තියනව බං වැඩ කරගන්ඩ බැරි තරමට , මට නං එහෙමට නැ ‘‘
‘‘ ඒ ඇයි බං ඒ ‘‘
‘‘ එහෙමට මිනිස්සු ගැවසෙන තැනක් නෙමෙයිනේ බං , මෙතනින් යන්නේ එන්නේ අපිව දන්න උන්මනෙ ‘‘

‘‘ අපරාදේ උඹට වෙන තැනකට සෙට්වෙන්ඩ තිබුනෙ ‘‘
‘‘ අතේ තියන ගානටනේ බං තැන සෙට්වෙන්නේ ‘‘
‘‘ මොකෝ මොකවත් කරේ නැද්ද අද ‘‘
‘‘ ඊයෙනං පොඩ්ඩක් දැම්මා , අද නැ බං , දනපාලය දැං මා එක්ක වැඩි පයරු පාසානමක් නැනේ බං දැං ‘‘

‘‘ දනපාල තරහ වෙන එක අහන්ඩ දෙයක්ද මංජු අයියේ , කොහෙද උඹලගේ කිසිපරිස්සමක් නැනේ ‘‘

‘‘ පරිස්සං කරන්ඩ මොනවද බං තියෙන්නෙ ‘‘
‘‘ තියනවෙලාවට කීයක් හරි ඉතුරුකරහං බං ‘‘
‘‘ මචං තියනවෙලාවල් වලට තියන ගාන තියන වැඩ වලට මදිනං ඉතුරුකොරන්නේ #$@$ත්තද ‘‘
‘‘ ඒකනේ බං කියන්නේ දැං බලහං මං වයිෆ්ව කඩේ අරින එක නවත්තල තියෙන්නේ , ඕන කරන බඩු ටික මං ගෙනත් දෙනව , අතට සල්ලි දීමක් නැ , ඕනම වෙලාවට ඒ වැඩේට ඇතිවෙන්ඩ විතරක් සල්ලි දෙනව , ඔය මාලු කඩේට ගිහිං පොඩි මාළු කිලෝ එකක් දෙකක් අරං , එන ගමං කරි චිකන් ටිකකුත් අරං ඇවිත් කපලා කෑලි පහ හය ගානේ මලු පහලවක්  විස්සක්  හදල පීජ් එකට දානව , ආයේ ඉතින් මාසෙටම ඇති , එළවලු ගත්තත් එදාට ලාබ එව්වා තමා ‘‘

‘‘යකෝ තොගේ ගැනී නිකං ගෙදර ඉන්න හන්දා තොට ඔය ඔක්කොම කොරතහැකි , වෙලාවකට  මං නැත්තං අමාලි යන්නේ ඉස්කෝලෙට ෂොප් එක වහල ‘‘
‘‘ උඹ ඉතින් අති පන්ඩිතනේ ...හා කියහං උඹලට ගෑස් එක මාස කීයක් පාවිච්චි කරත හැකිද ‘‘
‘‘ හරියටම මන්දා බං ඕන්නං මාස එකහමාරක් තියෙයි ‘‘
‘‘ ඕයි මංජු අයියේ තමුසෙ දන්නවද අපේ ගෙදර ගෑස් සිලින්ඩරේ දැං හරියටම මාස අටක් ‘‘

‘‘ ඇ යකෝ අර ගේන මාළු මස් තොපි අමුවෙන්ද කන්නේ ‘‘

‘‘ ඔෆිස් වාහනයක් මේ පැත්තට එනවෙලාවට මං පැලට් ලෑලී ටිකක් පටවල එවනව , දරවලින් තමා උයන්නේ ‘‘
‘‘ අර දිවියලෝකයක් වගේ කුස්සයේ ‘‘

‘‘ නැ බං එලියේ ලිපක් හදල තියෙන්නේ ‘‘
‘‘ ඇ බං ගෑණි උදේට උඹ ගෙනියන බත් ගෙඩියත් , මහ පාන්දර නැගිටගන එලියේ ලිපේ උයනවද ‘‘
‘‘ ඒක තමා කියන්නේ එහෙම නැතුව ගොඩ යන්ඩ බැ , කොටින්ම පොඩි උන්ට ගෙදර හදන දෙයක් ඇරෙන්ඩ , කඩෙන් ඇරං කිසිම දෙයක් දෙන්නැ ‘‘
‘‘ අනේ බං ඒ උනාට අයිස් කිරිමක් , කිරි පැකට් එකක් ඉල්ලුවහම කොහොමද ඇදං එන්නේ ....හිත වාවන්නේ නැනේ ‘‘
‘‘ එහෙම තමා බං කැපකිරීම් කරන්ඩ ඕන ‘‘
‘‘ අනේ මන්ද මට ඔය බෙට්ටට ඇඩිල්ල පුරුදු නැ බං  ‘‘

‘‘ අන්න හරි උඹ දැං මට ඕන තැනට ආවා ‘‘

‘‘ මං කියන්නං උඹට කෙලවෙන්නේ ඇයි කියල ‘‘
‘‘ හම් කියහංකෝ ‘‘

‘‘ මං මේ උදාහරනයක් දෙන්නේ ....ඊලගට මේක අල්ලගන අම්මට අප්පට කියන්ඩ එපා ‘‘

‘‘ හරි හරි කියහංකෝ %7ත ‘‘

‘‘ උඹට මතකද එදා ධම්මිකයගේ වෙඩින් එකට ගිහින් කට්ටිය කට්ටිය සිකට් නැ කියල ගේන්ඩ යන්ඩ හදනකොට ..සුද්දා වගේ එලියට ඇදල මේසේ උඩට දොලැහේ පැකට් එක විසික්කෙරුවා ‘‘

‘‘ ඉතින් &කෝ මං ඒක දුන්නේ තොපිටනේ ‘‘

‘‘ හරි හරි අනිත් එවුන් කඩේ යන්ඩ යන්ඩ කිය කිය ඇද ඇද ඉන්නකොට උඹ ඒක දුන්නේ අපිට තියන පිට් එකට තමා , ඒක නෙමෙයි පොයින්ට් එක ...ඊලගට ඒකත් ඉවර උනහම උඹ අමාලි අක්කා ලගට ගිහින් සල්ලි ඉල්ලගන විස්සේ පැකට් එකක් ගෙනත් මේසය උඩට දැම්මේ ඇයි .....අන්න ඒවාගේ දුර්වල කං තමා උඹ හදාගන්ඩ ඕන ‘‘

‘‘ ඇ වේ& ගේ පුතෝ සිකරට් ඉවර වෙලා තෝ නේද ඇහුවේ .....මංජු අයියේ සිකරට් ඉවරද බං කියල ‘‘
‘‘ අඩේ මං එහෙම ඇහුවද බං ‘‘

‘‘ මේ අහපං මං කාගෙවත් බාග ඉල්ලං ගහන්නැ ඒ ලොකු කමකට නෙමෙයි , මට බාගයක් ගහල මදි හන්දා ,
 අනික මට අනිත් එවුන කෙල ගිලිනකොට පැකට් එක සාක්කුවේ දාගන බීලා පුරුද්දකුත් නැ , මං අවුල් වෙන කොට පෙෂර් වෙනකොට නෝමල් වෙන්නේ සිකරට් එකක් ගහල ,  සමහර වෙලාවට වැඩ කරනකොට පැය හතරපහ මං සිකරට් නොබී ඉන්නව , හැබැයි මං වැඩේ ඉවරවෙච්ච ගමං කරන්නේ සිකරට් එකක් ගහන එක , ඒ හන්දා මං සිකරට් ලග තියාගන ඉන්නේ , කවුරු හරි සිකරට් ඉල්ලුවොත් දෙනව ‘‘

‘‘ හරි හරි උඹට ඉතින් කියල මොකුත් තේරුං කරන්ඩ බැනේ , හිටහං මං සිකරට් එකක් අරගන එන්නං ‘‘

‘‘ උඹ දවසට සිකරට් කීයක් බොනවද බං ‘‘

‘‘ මං උඹ වගේ පවුකාර කමට බොන්නැ ‘‘

‘‘ හරි හරි කීයක්ද කියහංකෝ ‘‘

‘‘ සිරාවටම බං මංජු අයියේ ....මං ඔය ඔෆිස් එකේ කොල්ලෝ දවල්ට කාල ගහනකොට , ආතල් එකට උගුරක් දෙකක් ගැහුවට මේ වගේ වෙලාවකට , පාටියකදී ඇරුනහම සිකරට් බොන්නේ නැ ‘‘

‘‘ ආ එහෙමද ‘‘

‘‘ හුකා අර කඩේ වහලනේ බං ‘‘

‘‘ වරුණ හෝටලේද ...ඒක දහයට වහනව ‘‘

‘‘ දැන් කොහෙද බං සිකරට් ගන්ඩ තැනක් තියෙන්නේ ‘‘

 ‘‘ රාගම නයිට් කඩේ ‘‘

‘‘ අප්පෝ දැං එහේ යන්ඩ බැ ‘‘

‘‘ එහෙනං නිකා හිටහං ‘‘

‘‘ උඹ ගාව සිකරට් නැද්ද ගෙනාපුව ‘‘

‘‘ තියනව හැබැයි දෙන්නේ නැ ....මොකද මට හෙට උදේට සිකරට් ගන්ඩ සල්ලි නැ ‘‘

‘‘ හරි ඉතින් ආ දියං ..මං සල්ලි දෙන්නං ‘‘

‘‘ සීයකට ‘‘

‘‘ ඔව් දෙකක් දියං ‘‘

‘‘ ආ ඉදා ..හැබැයි මට උඹට ඉතුරු දෙන්ඩ සල්ලි නැ ... සන්තකේටම තියෙන්නේ තිහයි ...මං පස්සේ දහයක් දෙන්නං ‘‘

‘‘හරි බං ..මං උඹෙන් දහයක් අරං අජරාමර වෙන්ඩද ‘‘

‘‘ආ මෙන්න ‘‘ 

‘‘ අතට දියංකෝ බං ඔහොම මේසය උඩට දාන්නේ ...කස්ටමර්ස්ලටත් ඔහොමද , කෝ ගින්දර ටිකක් දියං ‘‘

‘‘ දැන් එතකොට කෙලත් මගෙන්ද ‘‘

‘‘ ඇතුලෙ බොන්ඩ බැනේ වරෙන් එලියට ‘‘

මේසේ උඩට දාපු සිකරට් එක ආයෙත් අතට අරං මාත් කඩෙං එලියට බැස්සා

‘‘ කෝ දියං ලයිටරේ ‘‘

‘‘ අඩෝ මට වික්ක සිකරට් එක උඹ බොනවද ‘‘

‘‘ ඔව් උඹ කඩේ යන්ඩ ගියේ අපි දෙන්නටම යාළුපිට් එකට බොන්ඩ සිකරට් ගේන්ඩනේ ‘‘

‘‘ ඇ %ත්තෝ දැං තෝ මට ගෝල්ලිප් එකක් හැත්තැවට වික්කේ පිට් එකටද ‘‘

‘‘ ඉතින් බං උඹ මට ගොඩ යන්ඩ කියුවේ එහෙමනේ ‘‘

91 comments:

  1. අර කවුද කිව්වනේ සිගරට් එකක් බිව්වාම මගෙ ජීවිතෙන් විනාඩි පහක් අඩුවෙනවා. නමුත් ඒක බොන්න විනාඩි දහයක් වැයවෙනවා. එතනම ශුද්ධ ලාබෙ විනාඩි පහක්.

    ReplyDelete
    Replies
    1. විනාඩි 10ක්..?? දුර ගමන් බස් එකක් දැං හෝටලේ නවත්තනෙත් විනාඩි පහයි.එතනම රුපියල් 15ක පාඩුවක්..

      Delete
    2. පහ පහ හරි අඩුවෙනඑක නරකද කළු අයියේ

      Delete
    3. එහ්ෙම තැනක තමා හැබැයි තාරක ‍ෙතෙොටක සිකරට් එකක් ‍ෙබෙොන්න පුලුවන්

      Delete
  2. අපෙත් එකෙත් හිටියා ඌ කවදාවත් උගේ සල්ලි වලින්නමි සිගරටි එකක් බිවිවෙ නැ.ඒ උනාට අනුන්ට පුදුම විදියට උපකාර කලා සිගරටි එක ඉවර කරගන්න.

    අටමි මගේ බිලොග් එක පැත්තේ ඇවිත් යන්න වෙලාවක් තිබුනොත් අලුත් ලිපියක් පල කලා
    අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ

    ReplyDelete
    Replies
    1. මං ඒ පැත්‍ෙතෙ එනව යනව ‍ෙදෙයි‍ෙයෙො .‍ෙපෙොන් එ‍ෙකෙන් එන හන්දා ක‍ෙමෙන්ට් දාන්න අමාරුයි

      Delete
    2. මට තෙරෙනවා මගේ දෙයියෝ.ඔක ඉක්මනට හදාගනින් මගේ දෙයියෝ.

      Delete
  3. කවුද බං උඹට ඔය ජරා පුරුද්ද ඉගෙන්නුවේ...?
    අනිත් එක සල්ලි ඉතුරු කරගන්න එකයි උඹ සිකරැට් එකට වියදම් කරන එකයි අතර ඔය කියන තරම් සම්බන්ධයක් තියෙයි කියන එක රඳා පවතිනව කියනදේ පිලිගන්න අමාරුයි වගේ.....
    අනිත් එක අවස්තාවාදී යාලුවන්ගෙන් උඹ වගේ සංවේදි අය ඈත් වෙච්ච තරමට හොඳයි කියලත් හිතෙනෝ....
    අපි හැමෝම හැම හොඳ වැඩේම වගේම නරක වැඩෙත් තරමකට කලාමත් අල්ලල හිටිනවා ආර්තිකේ...නැද්ද....සෙද්දද....!

    ReplyDelete
    Replies
    1. මගේ කොයි ජරා පුරුද්ද ගැනද ඔය අහන්නේ

      Delete
  4. ///‘‘ ඇ බං ගෑණි උදේට උඹ ගෙනියන බත් ගෙඩියත් , මහ පාන්දර නැගිටගන එලියේ ලිපේ උයනවද ‘‘/// මොකටද බං මේ හම්බකිරිල්ල. ඒ හම්බකිරිල්ලෙන් කන්නෙ අඳින්නෙ නැත්නම් මොන මගුලටද. අපෙ ගමෙත් ඔහොම එකෙක් ඉන්නවා. කෝටිපතියෙක්. අහල ගම් හතේම ඉඩම් කුඹුරු තියෙනවා. ඒත් හැමදාම අඳින්නෙ පරණ වෙච්චි සරම් දෙක තුනක්. වට්ටක්කයි, පරිප්පුයි, ගේ වටේ හැදෙන දේකුයි තමා කන්නෙ. කඩේ එකා කියනවා මාසෙකට සැරයක්වත් මස් කෑල්ලක් ගෙනියන්නෙ නෑලු. පුදුම ජීවිත තමයි.

    ReplyDelete
    Replies
    1. යකෝ ඌ කෝටිපතියෙක් උනේ ඔහොම කාල බීල තමයි.නැත්නං තාම හාන්චිපයිස්.

      Delete
    2. සල්ලිකාරයෙක් නං නිතර මස් කන්ට ඕන ද බං. දන්නැති හින්දා අහන්නෙ.

      Delete
    3. එහේම කෝටිපති වෙලා මොකටද සුදා

      Delete
    4. සල්ලිකාරයෝ උනහම හොදට කාල බීල ඉන්ඩ ඕන

      Delete
  5. //මෙතනින් යන්නේ එන්නේ අපිව දන්න උන්මනෙ// දන්න උන් පුළුවන් තරං බලන්නෙ වෙන එකෙකුට බිස්නස් එක දෙන්න කියන යටි අදහස මේකෙ තියෙනවා කියලා මට පේන්නෙ. ඔය කතාව මම ඉස්සෙල්ලම ඇහුවෙ සිද්ධාලේප වෙදමහත්තයාගෙන්. (මිනිහා ගොන් පාට් දැම්මට ඉඳලා හිටලා ඔහොම හොඳ කතා කියනවා) අපි දන්න එකෙක් යම් ශිල්පයක් හදාරලා තියෙනවානං ඒකට අදාල අපේ වැඩක් කරගන්න (ගෙයක් වයරින් කරන වගේ එකක් කියමු) අපි ඌට දෙන්නෙ නෑ කියන එක තමා ඒකෙන් කියවුණේ. සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ගෙවල් වයරින් කිරීම....අන්න තව බිස්නස් අයිඩියා එකක්.....බෝර්ඩ් එකක් ගහන්න ඉඩ තියේ නං තවත්, ගහපන් මචෝ......

      Delete
    2. අපොයි දැන් ඕනතරං වයරිං කරන උං ඉන්නව. උංගෙ වයරිං හොඳයි මොකුත් නොදන්න එවුවන්ට. මාත් වෙලාවක් නැති කමට එකෙක් අල්ලගෙන වයරිං කලා. උංගෙ අපි කරනව වගේ කිසිම පිළිවෙලක් නෑ.

      Delete
    3. මං නම් ඉතින් යන එන ගමන් කීප සැරයක් ගොඩ උනා. ඒත් ඉතින් මූ නෑ. එක දවසයි හිටියෙ.

      Delete
    4. මාත් ඉඳලා හිටලා ගොඩවෙලා විටක් එහෙම කාලා තමයි යන්නේ ........

      Delete
    5. මාදවී .. ඒක නෙමෙයි බං එතනට අළුත් මිනිස්සු එන්නේ නැ , සෙනග ගැවසෙන්නේ නැ

      Delete
    6. බෝඩ් ගහන්ඩ කොහෙද තව ඉඩක් , අනික ඒය රස්සාව අතඇරල මං ගොඩක් කල්

      Delete
    7. ඔව් ප්රසන්න ..අනික හරියට වැඩක් කරන එකෙකුට ඔය පිස්සු යක්කු කරන ගානට වැඩ කරන්ඩ බැ

      Delete
    8. වැඩ නැතුව මං ඔතන ඉදල මොකටද බං , මය ඔය මොකකට හරි එලියට යනව , ආයේ එන්ඩ කලින් කෝල් කරහං

      Delete
    9. කාලෙකින් විටක් කෑවේ නැ නේද

      Delete
  6. සිගරට් වලට යන වියදම ගණන් හදලා බලන කොට ඉතිං බොක්ක රත් වෙනවා තමා.ඒ වෙලාවටත් ඉතින් දුමක් දාගෙන හිනා වෙන එක ඇර වෙන දෙයක් නෑ.මේ කාලෙ අපේ සැට් එක බඳිනවා.ඔක්කොම ජොබ් කරන එවුන් එන්නෙ... සිගරට් එකක් නැතිව අඩියක් ගහන්නෑ.ඒත් ඒ එකෙක් වත් අරගෙන නම් එන්නෙ නෑ.සමහරු වාහනේට ගිහින් හොරෙන් බීල එන වෙලාවලුත් තියෙනවා. අන්තිමට අපිට කාල බොන්න දුමක් නෑ.දුම ගැන නෙමෙයි අවුල.මුන්ගෙ මානසිකත්වය.. මොනව කරන්නද ඉතින් මිනිස්සු නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔහෙත් එහෙමද , මෙහෙත් එහෙමයි , කොහෙත් එහෙමද කොහෙද

      Delete
  7. තමං මහන්සියෙන් හම්බකරන එක ඉතුරු කරන්නය කියල නොකා නොබී එකතු කරන එකටනං මමත් කොහෙත්ම කැමති නෑ. උඹේ ඔය මට්ටකුණ්ඩලී යාලුව වගේ එවුවො අයින් කරල තියාගන්න පුලුවන්නං ටිකක් ගොඩ යන්න පුලුවං වෙයි.

    ReplyDelete
  8. // Smoking can lead on to other drugs. The lucky ones graduate to marijuana; The unlucky ones end up on chemotherapy.//

    ReplyDelete
  9. මේ කතාවෙ ඉන්න ජොකියො දෙන්නම මෝඩයි.... පල් මෝඩයි

    ReplyDelete
    Replies
    1. ආයෙ කියන්ඩත් දෙයක්ද බං.ඔය දුම්කුරෙ 'එක කෙළවරක ගින්දරය,අනික් කෙළවරේ මෝඩයෙකි' කියල තියෙන්නෙ කට කහනවටයැ.

      Delete
    2. ආයෙත් අහල මෝඩයි තමා

      Delete
  10. දුම් බීම සවුක්කියට අහිත කර වන්න පිලිවන (ඉරීම නොවේ)

    ReplyDelete
  11. අන්න අටමෝ..............

    උඹත් ඉගෙන ගන්න ඔ්නේ බිස්නස් ඒකක් කරලා ගොඩයන විදිහ... මෙහෙම නැතුව බෑ... ජයවේවා.. අපේ සුභ පැතුම්.. ටිකක් වැඩිපුර විකුණන දෙයක් විකුණහං.... බැරියෑ වෙබ් ඒකක්වත් පටං ගන්න....

    ReplyDelete
    Replies
    1. දැං ඉතින් විකුනන්ඩ තියෙන්නේ අහවල් එක තමා

      Delete
  12. ඔතන ඉලෙක්ට්‍රොනික් වැඩ ටිකක් පටන් ගන්න බැරිද? LED බෝඩ් හැදිල්ල වගේ.

    සිගරට් බීම නැවැත්තුවේ 1994 දි. හමුදාවෙන් නිකම් සිගරට් ලැබුණ කාලේ. දවසකට 32 ක් බිව්වා. සිගරට් නැවැත්තුවා කියන එක අපේ උන්දෑ විශ්වාස කළේ, අවුරුද්දක් ගියාට පස්සෙයි. ඒකට සහතිකේකුත් ලැබුනා. දැන්නම් ඔයාගේ තොල් දෙක දුම් රහ නෑ කියලා කිව්වා. ඇත්තටම සිගරට් බොන අයගේ කටේ තියන ජරා ගඳ, ගෑණු ඉවසන එකත් පුදුමයක්. මත්පැන් පානය කළ දවසට මම එයා ලඟින් නිදාගන්නේ නැහැ. ගඳ ඉවසන්න බැරි නිසා.

    දුවලා දෙන්නම රස්සාවල් කලත් අපි දෙන්නගේ විශ්‍රාම වැටුපෙන් ඉතිරි කළහැකි දෙයක් නැති තරම්. විවිධ බැංකු ණය, උගස් වාරික, කෑමට/විදුලියට/විවිධ බිල් වලට/ යන වියදම් සෑහෙන විශාලයි. ගෙවත්තෙන් හොයාගන්නා පොල්පිති පොල්ලෙලි වලින් දර ලිප් කුස්සියේ බත් උයනවා. ගෑස් ලිපේ උයන්නේ මාළු වර්ග විතරයි.

    සමහර බැංකු ණය ලබාගෙන තිබෙන්නේ දරුවන් වෙනුවෙන් වුනත්, දුවලාගෙන් සත පහක්වත් ගන්නේ නැතුව ජීවත්වීම මගේ ප්‍රතිපත්තියක්.

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං විචා දැං මේ කියන කතාව. තමාලට විස්වාස කරන්න බැරි තරමේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ගෙ විශ්‍රාම වැටුපක් ගන්නවය, දුවයි බෑනයි දොස්තරය, ඒ දවස්වල දුවට 35000 ක මෙඩිසින් පොත්ම අරං දුන්නය අරකය මේකය කියකියා හැමතැනම පම්පෝරි ගහලා දැං ලෙවකන හැටි කියනවා. ඇත්ත කියපං. ලජ්ජ වෙන්න ඕන නෑ අපි අපිමනෙ. උඹ හමුදාවෙන් හොරෙං පැනපු සාමාන්‍ය සෙබලෙක් නේද?

      Delete
    2. විචා අංකල් හමුදා කෑම්ප් එකේ වැටෙන් පනින වෙලාවේ වැටේ කම්බිය අල්ලගෙන හිටියේ උඹලගේ තාත්ත නේද?

      Delete
    3. කොට්ටං ගස්යට ගැරිජ් ඇරෙන්ඩ වෙන දෙයක් හරියන්නේ නැ කියන එක දැනගන හිටියට අත්දඅකිමෙන් නෙමෙයි , මං නං දැන් ඒක හොදට දන්නව , ආයේ කඩ දාන්නැ

      Delete
    4. වැඩිහිටි කමටවත් සලකපල්ලා යකුනේ

      Delete
  13. ඇත්ත කතාව........... ඔහොම මිනිස්සුත් ඉන්නවා............ අනුන්ගෙන්ම යැපෙන්න දගලනවා පොඩි දේකට උණත්.................. සමහර වෙලාවට ඒ නැතිකමට නෙවේ............. පුරුදු වෙලා තියෙන හැටි...........
    නිදහස් වෙලාවක ඇවිත් යන්න............
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
  14. මට මේක කියවනකොට අටමා ගැන දුකත් හිතුනා.අටම් දැන් ඔය ඉලෙක්ටෝ‍රනික් වැඩ එක්ක කොම්පියුටර් වැඩත් පටන්ගනින්. හැමදේම නොකලොත් ගොඩ යන්න බෑ අටමයියෙ. බඩු ගෙනල්ලා විකුනන්න පුලුවන්. එක කොම්පියුටරේකින් රු.1500/2000 විතර ලාබයක් තියෙනව නේ. උදව්වක් ඕන වුනොත් කරන්නම්. කොන්දේසි නැතුව ම. සිකරට් නම් එපා. මං බොන්නෙම නෑ. බොරු නෙවෙයි. ඒ එක්කම කැඩෙන කොම්පියුටර් හදලා දෙන්නත් ඕනෙ. ඒවගේ වැඩ වලින් ගානක් හොයාගන්න පුලුවන්. කෝටිපතියෙක් නොවුනත්? .........

    ReplyDelete
    Replies
    1. කසුන්, අටම් අයියා ඕල්‍ රෙඩි කොම්පියුටර් හදනවා, නිකම නිකම් කොම්පියුටර් නෙමෙයි අර ලැප්ටොප් කියන එව්වා...මේ ගිය සුමානේ මමත් එකක් අටම් අයියට කියල හදා ගත්තා. වටිනාම දේ තමයි අය කිරීම් හරිම සාදාරනයි...ඒකට පත්තරයා කියන්නේ අටම් අයියට ඒවා බෑ කියලා ...ඒ බොරු...ඉරිසියාවට කියන ඒවා....මගේ වයරින් වැඩකුත් කරලා දුන්නා...

      Delete
    2. මූට බිසිනොස් කරන්ඩ උගන්නනවට වඩා හොදයි, නවලෝක හන්දියේ බිම ඇනගන්නව ( ඔවු ... ඔවු පුක තමයි ).

      Delete
    3. අනේ මට හිතට එන ඒවා කියාගන්ඩ බැරි හැටියක් !!! චැහ්
      මැරිල පලයං මාව මීට හොඳා :D

      Delete
    4. අනේ මංජු අය්යේ මගෙත් වයරිං වැඩක් තියෙනව වෙලාවක සෙට් වෙමුද? දෙන්නත් එක්ක වැඩේ ඉවරවෙලා සිගරට් එකක් ගහන්න බැරියැ. ඒකත් බොලා ගාව ඕල්රෙඩි තියෙනවනෙ. :D

      Delete
    5. කසුන් මං නොකරන්නේ කක්කුස්සි ගොඩ දාන වික විතරයි , ඒත් කරුමෙට කකුල් තුනයිනේ බං ....මක්කරන්ඩද ....මැරෙනකං ආතල් එකේ ඉන්නව

      Delete
    6. අර අපේ ෂොෆ් එක ඉස්සරහ බස්හෝල්ට් එක අයිනේ තියනව දැක්කද උල් කලුගල් කෑල්ලක් අන්න එකේ ඇනගනිං පලාගන යන්ඩ

      Delete
    7. අපි එහෙමයි බොස් , බොන්ඩ් බිස්ටල් එක නැතත් බෙට්ට කෙලිං

      Delete
    8. මූසලය මැරිල යන එකමයි වැඩේ , මොනව කලත් හොදක් අහන්ඩ කියලද , මං තෝව කිලුටු පොතේ ලියල ඉවරයි

      Delete
    9. හේ හේහ ප්රසන්න උඹට දිවැස් තියනවද

      Delete
  15. ඌරගේ මාළු ඌරගේ ඇගේම තියල කපපු එක මරු ......

    ReplyDelete
    Replies
    1. මං හරී හොදයි බං ..හැබැයි ඒ මට කොළඹ පෙන්නන කං විතරයි

      Delete
  16. සිගරට් බොන තරුණ උන් දැන් දැන්ම ඕක හලල දාපල්ල. අපේ වයසට ආවම ඔය වගේ ගති පුරුදු හලන්න අමාරුයි. අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. බැරි එකනේ ඉයන් වැඩේ ...මට නං බෑ බං

      Delete
  17. සිගරට් එකකට රුපියල් 70 ක් වැඩියක් නැහැ බොලේ... 2004 සුනාමි දවසට පහුවෙනිදා කරාපිටිය ඉස්පිරිතාලේ ගාවින් සිගරට් ගත්තේ එකක් 50 ගානේ බන්... අවුරුදු 11 කට පස්සේ 70 සාධාරණයි කඩ වහපු වෙලාවට...

    ReplyDelete
    Replies
    1. එහෙනං , කොටින්ම මට පාඩුයි

      Delete
  18. සිගරට් බොන එක නවත්තල විකුනන්න පටන්ගනින්

    ReplyDelete
    Replies
    1. තිහටද , හැත්තැවටද බං

      Delete
    2. උඹ බොනකොට තිහක් ලාච්චුවට දාලා බීපන්, වෙන උන්ට හැත්තැවට දීපන්......

      Delete
  19. ඔය මළහත්තිලව් පොටෝ එක කොටියම කාපිය !!!

    ReplyDelete
    Replies
    1. දුප් කියුවේ .....ආයේ මේක නොකියුවට කමක් නැ

      Delete
  20. පට්ට කතාවක්නේ බං මේක. සිරාවටම කියපං මේක වුණේ වැවා එක්ක නේද?. මංජු අයියේ කියන අමතනවනං රාගම පැත්තෙම එකෙක් වෙන්න එපායෑ. කොහොම නමුත් අටං කරපු දේ නං හරි. ක්‍රියාවෙන්ම ඔප්පුකරලා තියනවා දියුණු වෙන විදිය. නියමයි නියමයි දාපං දහයක්ම.

    ReplyDelete
    Replies
    1. වැවා දැං මෙහේ නැ බං , ඒක ඔන්න ඔය මන්නාරං පැත්තට ටාන්සර්කරල

      Delete
  21. ඔය ෆොටෝ එකේ තියෙන්නේ බොරු බන්, ඔච්චර විශ නෑ සිගරැට්.

    ඔයා කථාව කියන විදිය ඇතුලේ අපිට ඔයාගේ අක්ෂනුත් එක්ක විස්තරේ මැවිලා පේනවා,

    ReplyDelete
    Replies
    1. ඔච්චර විස නැ තමා බං එහෙනං මෙලහට මං මැරිල , නලියත් මැරිල , තව බ්ලොග් කාරයෝ හතරපස් දෙනෙක් මැරිල . අපේ තාත්ත සියපාරක් මැරිල ...එයත් ඔය යසට ඉන්නේ තවත් සිකරට් කකා

      Delete
    2. ඔය ෆොටෝ එකේ තියෙන්නේ බොරු බන්, ඔච්චර විශ නෑ සිගරැට්. //
      ඔමා අපේ කෙල්ල
      ඔමාට ඡයවෙවා

      Delete
    3. ඒයි අටමි ජාවා අප්සටි එකක් ඇවිත් නිකමිම මැකුනා බං.දෙතුන් වතාවක් ට්‍රයි කලා කොමන්ටි එක් දාන්න.ඒත් හරිගියේ නැ.ඒ වෙලාවෙ නමි ඔමාට පොඩි කිංඩියක් දැන්න ගියේ .දැන් ඒක මතකත් නැ බං.

      යකෝ මෙන්ඩ කෙල්ලන්ට ජයවෙවා කියනවා අපිට කෙලවෙවා කියනවා.වරෙන්කෝ ආය සිගරටි බාගේ එහෙම ඉල්ලන්න

      Delete
    4. මට නම් මතකයි "දී කිරට බළල්ලුත් සාක්කියි" වගේ කමෙන්ට් එකක් මං හිතන්නේ

      මෙන්ඩ අයියේ සිගරට් විෂයි කියලා කියන කට්ටිය ඇත්තටම දන්නේ නෑ තමන් එදිනෙදා කන බොන හැම කෑමක් ඇතුලෙම සිරුරට අහිතකර දේවල් අඩුවැඩි වශයෙන් තියෙනවා කියලා.. දැන් කට්ටිය කියයි මාත් සිගරට් බොනා ඇති කියලා.. හි හි

      Delete
    5. අන්න එහෙම එකක් වගේ තමයි ඔමා,තව කෑල්ලක් තිබුනා.ඔන්න මමනමි කියන්නැ ඔමා සිගරටි බොනවා කියලා.

      Delete
  22. යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍
    මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
    යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍
    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

    පණ දෙන්නට කියා ඇවිත්
    හුස්ම ඩිංග හිර කරතී
    වලකින් ගොඩලන්න කියා
    ගල් ගෙඩියක් දමා යතී

    අවුලට ඇවිදින් ලංවී
    රැවුලට ගිනි තියා යතී
    උණු හින්ඳා බොන්න බැරී
    කිරි හින්ඳා හලනු බැරී

    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

    ඉස්සරහින් යන්න එපා
    පිටිපස්සෙන් ඇවිත් අනී
    පිටිපස්සෙන් යන්න එපා
    බොරු වළකට දමා පනී

    අත්වැල් බැඳ යන්න එපා
    විපතක් දුටු මතින් පනී
    ඇතුවත් බැරි නැතුවත් බැරි
    දෙයියො දනී කුමක් වැනී

    නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති

    ReplyDelete
  23. අයියෝ අටමෝ ඔය හැම දේම දන්නවනම් මොකද බං සල්ලි හොයන්න බැරි. කකුස්සි ගොඩ දාන්න ඕනෙ නෑ බං. අනිත් වැඩ කරලා දියුනු වෙයං. කොම්පියුටර් කඩේ වැඩට මාව ගනින්. හැබැයි සෙනසුරාදා ඉරිදා විතරයි හොඳේ. ඔය උඹව කන්න එන යාලුවන්ගෙන් බේරියං අටමයියෙ.

    ReplyDelete
    Replies
    1. බොට දෙන්ඩ තියා මටත් වැඩ නැ

      Delete
  24. Salli tibuna netha lamayinta kada kema purudu karanna epa atam...mamanam oya wedeta kematima nehe. Demapiyanma lamayata purudu karala eeta passe lamayata warada patawanawa

    ReplyDelete
    Replies
    1. මමත්කැමති නැ ඒත් කරන්න ‍ෙදෙයකි නරති විදිහට අසරන ‍ෙවෙනව

      Delete
  25. අනේ උගේ අම්මාගේ ඉතිරිකිරිල්ල...

    ReplyDelete
  26. මොකටද බං නොකා,නොබී ඉතිරි කරලා හිටං.

    ReplyDelete
  27. දුම්බීම ශරීරයට කෙසේ වෙතත් පොකට් එකටනම් අහිතකරයි තමයි..
    උඹ හොඳ ගොලයෙක්නේ බං.. ඉතිරි කරන විදිය උගන්නපු ගුරාටම රිටන් එක දීල තියෙන්නේ..
    කාලෙකින් රාගම පැත්තේ ඇවිත් සිගරට් එකක් ගහන්නත් බැරි උනා හිටං..

    ReplyDelete
  28. උඹ වගේද බං මම.. හැක්.

    ReplyDelete
  29. දුම් බීම ඉඳහිට පමණක් කරන බැවින් ශරීරයට අහිතකර නොවනු ඇතැයි සිතාගෙන සිටිමු...
    නමුත් ඒ ඉඳහිට බොන අවස්ථා වලදී 20 පැකට්ටුවක් පමණ පානය කරන බැවින් අහිතරකර වියහැකි බවද සිතේ තබාගෙන සිටිමු...

    ReplyDelete
  30. මං මේක බලලා දවස් දවස් දෙකක් විතර වෙනවා. කමෙන්ට් කරන්න බැරි වුණා. මම සිගරට් බොන්නේ නැති වුණත්, මේකෙන් ගන්න මටත් හොඳ පාඩම් තියෙනවා. උඹ දන්නවාද හොඳට කාලා ඇඳලා ඉන්න එවුන්ට කිසිම සහනාධාරයක් හම්බ වෙන්නේ නෑ. අපේ ඔෆිස් එකට ප්‍රයිවෙට් ඩ්‍රයිවර් කෙනෙක් ආවා ජීවන්ත කියලා. ඒ තාරක දුක් කන්දරාවක් විඳපු මිනිහෙක් මම අහලා නෑ. ඒ නිසා අපි කවුරුවත් ඌට කෑම වේලක්, ඇඳුමක් ගන්න වියදම් කරන්න දෙන්නේ නෑ. අන්තිමේදී ඌ ලක්ෂ ගානක් එකතු කරලා ඉඩමක් ගත්තා.

    ReplyDelete
  31. පුරුද්දක් විදිහට නැතත් යාළු මිත්තරයෝ එක්ක ඉද හිට දුමක් අදිනවා.....
    ඒකත් තොරා ගත්ත යාළුවො එක්ක....මොකද සමහර අති විසේස යාළුවො ජාතියක් ඉන්නවා..අපි එක්කම බීලා රට වටේම ගිහින් ගිනි තියනවා ඌ සුදනා අපි බේබදු නසරානි කාලකන්නි ඩෑල් කීලා...අන්න ඒක නිසා හරි පරිස්සන් වෙනව ඒ වැඩේ දි...
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා ආයිබෝ....අටම්පහියට මගෙ බොග දා ගන්න ඕනේ...මේල් එකක් නම් එඋව්ව...තාම ප්‍රතිචාරයක් නැතිය....

    ReplyDelete
  32. සිගරට් ලංකාවට ආපු මුල් කාලයේ නොමිලේ බෙදුවලු කස්ටමර්ස්ලා අල්ලගන්න

    ReplyDelete
  33. ශා....නියමයිනේ..... දිගටම එන්න ඕන

    ReplyDelete
  34. දැං මටත් එකක් බොන්ඩ හිතුනා

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>