'' ලොකු මහත්තයා ඇවිත් කොල ටික අත්සන් කරලා දෙනකං මෙතන ඉදගන හිටහං''
ඉස්කෝලේ යන කාලේ ඉදන් ලව් කරපු බැල්ලි , මම ඔලෙවල් කරලා එලියට බැස්සට පස්සේ 'ඒකි' වෙන ඉස්කෝලෙකින් ඒ ලෙවල් වලට ආපු එකෙකුට කොක්ක ගැහුවා , අනේ මං 'ඒකිට' ආදරේ කරපු තරමක් , හවසට වාට්ටු වැහුවට පස්සේ කරුවලේ පැය ගානක් ලෝකේ වටේ කරක් ගැහුවෙත් 'අරකි' ඒක්ක නෙමෙයි 'ඒකිත්' එක්ක , මාව පාරවල් ගානේ කොච්චර පාච්චල් කරාද 'ඒකී' , රැලේ වැටෙන කාලෙට බල්ලෙක් හොරි කහ කහ බඩගින්නේ අනිත් බල්ලෝ අත පය බරු ගහද්දි කලින් වාරේ පිටට නැග්ග බැල්ලි පස්සේ යනවා වාගේ කොච්චර මං චාටර් උනාද. අන්තිමට 'ඒකි' ගැන තොරතුරක් වත් දැනගන්ඩ බැරි වෙනකොට මට 'ඒකී' ගැන තොරතුරු හොය හොයා මාව හොයාගන කියුවේ 'අරකී'' ,
මට හිර බත් කන්ඩ පාර කැපෙන්ඩ මූලික අඩිතාලම වැටිච්ච දවස උදා උන දවස මට අදවාගේ මතකයි. ඒ මම ඉස්ඉස්සෙල්ලම තොරණක චිත්ර ඇදලා විදුලි රටා මවපු දවස . අවුරුදු තිහක් වෙන ලයිට් බාස්ලා . චිත්ර බාස්ලා කරපු තොරණ මම ගමේ කොල්ලොත් එක්ක කරන්නං කියලා ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා ගත්ත වෙසක් මාසේ . වයස හතේ අටේ ඉදන් , තොරණ ගහන තැනයි , වඩු මඩුවෙයි , කම්මලෙයි , කොටින්ම දෑතේ වැඩක් කරන අපේ ගමේ හැම තැනකම තැක් ගැහිලා , අත් උදව් දීලා අල ගිය තැන් මුලගිය තැන් අල්ලාගන ඉන්නවා කියලා අපේ ලොකු හාමුදුරුවන්ට තිබ්බ විස්වාසේ හන්දා මට මගෙ ලොකුම හීනය එලි වෙච්ච දවසේ