මේ චාටර්ම චාටර් සිද්ධිය උනේ කාලයකට ඉස්සර මම යෝගට් කෝප්ප නිෂ්පාදනය කරන ආයතනයක වැඩ කරන කාලේ , ඒ ආයතනයේ වැඩ රාජකාරි සිද්ධ උනේ සේවාමුර ක්රමයට, උදේ හයට වැඩට යන කෂ්ටිය දවල් දෙකට ගෙදර යනවා . දෙකට එන කට්ටිය රැ නමය වෙනකං වැඩ කරලා ගෙවල් වලට යනවා . නමයට එන එකාල නං ඉතින් උදේ හය වෙනකං තපින්ඩ ඕන ,
පැට්ටේරියටම නාකි වෙච්ච උන් සෙට් එකක් හිටියා උන් නං ඉතින් රැට වැඩට එන්නේ දෙකක් දාගන මලක් එහෙම ගහල තමා . ඔය මොකක් හරි අයිස් ජොබ් එකක් කරන හන්දා උන් කොහොම ආවත් අපිට නං අවුලක් නැ , උන්ගේ වැඩ ටිකත් එක්ක අළුත් කොල්ලෝ කරල දානවා , පාලන අධිකාරියටත් ඔව්වා ගානක් නැ නොදන්නවා වාගේ ඉන්නවා ,
එතන ඉන්න මැනේජර්ලා , සුපවයිසර්ලා ,
ඩබ්ලියු එස්ලා , ඒ එම්ලා , ගොඩක් උන් මෙතනම ඉදලා ඉහලට ගිය අය, වෙන තැනකට ඔය ලෙවල් එකට රස්සාවට යන්ඩ බැරි හන්දා මොනවා දැක්කත් , අඩු පඩියක් ලැබුනත් , කට පියාගන වෙන දෙයක් බලාගන ඉන්නවා ,